Sunday, October 11, 2009

අන්තර් ජාලයට පිවිසීම

අලුත් ඇරඹුමක්

අද තමයි මම අන්තර් ජාලයට ඇතුලුවන පළමු අවස්ථාව,
මට පුදුම සතුටක් ..........
2009.10.13 වනදා ඉදන් අපි අන්තර් ජාල‍‍යේ සැරි සරමු.
ඉතින් සුන්දර අද දවසේ අපි මේ අහස යට හමු‍‍වෙමු.
කාටවත් තහනමක් නැහැ එන්න. සුන්දරත්වය විදින්න.
මෙන්න එන්න ඕ‍‍නෙ තැන.

http//haraldsoysa.blogspot.com

ජීවි‍‍‍‍‍තේ මහා පුදුමාකාරයි. සිනහව පිරිලා ඉතිරිලා යන ‍‍‍‍ ‍‍වේලාවට හිනා‍‍ ‍වෙවී වෙවී ඇස්වලින් කදුලු එන ‍‍‍විට එක පාරටම ඒ හිනාව මහා ගින්දරක් උනාම ඒ ජීවිතවලට මහා ගින්දරත් එක්ක ජීවිතේ එපා ‍ වෙලා අරමුණක් නැතිව වේදනා‍‍‍‍‍වෙන් පිච්ච්‍නෙ ‍‍‍කොට හි‍‍තෙන් අනන්තවත් ඇඩුවත් ඒක හංගං අමාරුවෙන් හරි ‍‍‍ලෝකෙට ‍පේ‍‍‍‍න්න හිනා ‍‍‍වෙලා ඉන්න වෙනවා . එ‍‍හෙම කිව්‍‍වෙ අ‍‍පේ රණවිරු නාමය නිසයි. දැන් යුද්‍‍දෙත් ඉවරයි. තව ටික කලකින් රණවිරුවන් අමතක ‍වෙයි. එ‍හෙම හුදකලාව ඉන්න ‍‍කොට තමයි පරිගණකය සමග අන්තර් ජාලයට පිවිසීමට අවස්ථාව උදා වුනේ. මෙම අවස්ථාව උදාකර දුන් රණවිරු ප්‍රදීප් ද සිල්වා මහතාට ම‍‍‍ගේ ප්‍රණාමය....

Thursday, October 1, 2009



රකුසු වෙස් ගත් සතුරැ බාධක බිද උපන් දේශය නිදොස් කොට නිදහස් කර මතකයට යමක් ඉතිරි කොට රණවිරැවෙකු‍ගේ සුණු විසුණු නොවුණ අභිමානය ජනිත කරනුයේ අපමණ දේශානුරාගයෙනි.

බිහිසුනු ත්‍රස්ත ප්‍රහාරයකට ලක්වූ පොලිස් නිලධාරියෙක්


ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතට අයත් ගම්පහ දිස්ත්‍රික්කයේ යක්කල තිත්තලපිටිගොඩ නම් සුන්දර ගම්මානයේ උපත ලද මම හැරල්ඩ් සොයිසා වෙමි. මාගේ ආදරණීය පියා පියසේන සොයිසාය‍ . ඔහු ගොවිතැන් බතින් අප ජීවත් කරලීය‍. මාගේ ආදරණීය මව වයලට් සිල්වාය. ඇය යහපත් ගෘහණියකි. මා සහෝදර සහෝදරියන් පස් දෙනෙකුගෙන් යුත් පවුලේ තෙවැන්නාය.


මා අකුරැ කලේ බප/ගම් යක්කල අනුර මහා විද්‍යාලයේය. එහි උසස් පෙළ දක්වා ඉගෙනුම හැදෑරෑ මම එකල රටේ උග්‍ර වෙමින් පැවතුන කුරිරැ ත්‍රස්තවාදී යුද්ධය කෙරෙහි මාගේ අවධානයත් සැලකිල්ලත් යොමු වෙමින් පැවතුනෙමි. මේ මිලේච්ජ ත්‍රස්තවාදය තුරන් කොට රට සාමකාමී තත්ත්වයකට පත් කිරීම මා පමණක් නොව ශ්‍රී ලාංකික ජනතාවගේ දැඩි බලාපොරොත්තුවක් විය. රට සාමකාමී කිරීමට නම් තරැණ අපෙන්ද විශේෂ මෙහෙවරක් ඉටු විය යුතු බව හැගී ගියේ වරක් දෙවරක් නොවේ.


මේ කාර්යය ඉටු කිරීමට ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන්ට බැදීමේ වැදගත්කම අවබෝධ කරගත් මා ඊට අවශ්‍ය මූලික අවසරය මගේ දෙමව්පියන්ගෙන් පැතුවෙමි. මගේ ඉල්ලීමේ වටිනාකම අවබෝධ කරගත් මවුපිය දෙපල මට ආශීර්වාද කරමින් ඊට අවසර දුන්හ. මා යුධ, ගුවන්, නාවික හා ශ්‍රී ලංකා පොලිසියට අයදුම්පත් ඉදිරිපත් කළ අතර, දෙමව්පියන්ගේ වැඩි කැමැත්ත අනුව ‍‍මෙයින් තෝරා ගනු ලැබුවේ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවයි. ඒ 1985 මැයි 15 දින ආධුනික පොලිස් කොස්තාපල් වරයෙකු වශයෙනි. ඒ වන විට මා වයස අවුරැදු 19 සපිරැනා පමණි.


මම මාදම්පේ යුධ අහ්‍යාස මධ්‍යස්ථානයේ යුධ පුහුණුවත්, පොලිස් අහ්‍යාස විද්‍යාලයේදී මූලික පොලිස් පුහුණුවත් හැදෑරීමෙන් පසු ත්‍රිකුණාමලය, පුත්තලම, වෙල්ලාවෙලි, පොලිස් විද්‍යාලය, පො‍ලොන්නරැව, හබරන, අලුත්ඔය, මැදිරිගිරිය, කැබිතිගොල්ලෑව, කල්පිටිය, බත්තංලගුණ්ඩුව දූපත්, මුන්දලම, හලාවත පොලිස් විශේෂ කාර්යාංශය, පොලිස් මූලස්ථානය සහ මඩකලපුව යන පොලිස් ස්ථානවල අවුරැදු 19 කට ආසන්න කාලයක් ශ්‍රී ලංකාවේ නීතිය සහ සාමය රැකීමේ රාජකාරීවල මෙන්ම එල්.ටී.ටී.ඊ. ත්‍රස්තයන්ගෙන් මව්බිම බේරා ගැනීම සදහා වූ ක්‍රියාන්විත රාජකාරිවල යෙදුනෙමි.

1999 වර්ෂයේදී පොලිස් සැරයන් තනතුරට උසස් වීම් ලැබූ මම ඇල්පිටිය පොලිස් විද්‍යාලයේදී පොලිස් සැරයන් පාඨමාලාව හැදෑරැවෙමි. ඒ අවස්ථාව වන විට මා මඩකලපුව පොලිස් ස්ථානයට අනුයුක්තව සිට පාඨමාලාව අවසන් වූ පසු නැවත මඩකලපුව පොලිස් ස්ථානයට ගොස් රාජකාරීවල නිරත වුනෙමි.
මාගේ සේවා කාලය තුල විවිධ සිදුවීම් රාශියක් ඇතත් එයින් අමතක නොවන සිදුවීම් කිහිපයක් සදහන් කිරීමට සුදුසු යැයි හැගේ. 1987 වර්ෂයේදී මඩකලපුව වෙල්ලාවෙලි ප්‍රදේශයේදී තික්කෝ‍ඩේ ග්‍රාමයේ එල්.ටී.ටී.ඊ. කොටි කදවුරක් ඇති බවට ලද ආරංචියකට අනුව පොලිස් විශේෂ කාර්යය බලකාය (එස්.ටී.එ/ප්) සමග මම ක්‍රියාන්විත මෙහෙයුමකට එක්වුනෙමි. මෙහෙයුම සදහා පිටත්වන විට වේලාව අලුයම 2.00 ට පමණ ඇත. කොටි කදවුර වෙත ලගාවන විට අලුයම 5.00 පමණ විය‍. කොටි කදවුර වැටලූ අප රණවිරැවන් එල්.ටී.ටී.ඊ. ත්‍රස්තයන් සමග බිහිසුනු සටනක නිරතවන්නට විය‍ මේ අවස්ථාව වන විට මුලු ප්‍රදේශයම සටන් වලින් ඇවිලී ගියේය. අහස් කුස ‍දෙදරා නැගුනු මල් වෙඩි මෙන්ම සටන පැය දෙකක පමණ කාලයක් පැවතිනි. අප කොටි කදවුර දෙසට වෙඩි තබමින් ඉදිරියට ගියෙමු. එක් ත්‍රස්තයෙක් වෙඩි තබමින් ඉදිරියට එන්නට විය‍. අපගේ ප්‍රහාර හමුවේ එම ත්‍රස්තයාට වෙඩි වැදී මරණයට පත් වූහ. මොහු එම කොටි කදවුරේ නායක නාඩාර් නම් කොටි ත්‍රස්තයා විය. අනෙක් කොටි ත්‍රස්තයන් අපගේ දැඩි ප්‍රහාර මැද්දේ පලා යන්නට විය. ‍මෙම සටනේදී රණවිරැවන් වන අපට හානියක් නොවිය. අවි ආයුධ විශාල තොගයක් අත්අඩංගුවට ගැනීමට හැකි විය.

1987 වර්ෂයේදී මා වෙල්ලාවෙලි පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ යෙදී සිටියදී එක් දිනක විශාල පිපිරැම් හඩක් ඇසුනි. පිපිරැම් හඩ ඇසූ ප්‍රදේශටය කණ්ඩායම් දෙකක් පිටත්ව ගියහ‍ එක් කණ්ඩායමක් පා ගමනින් ගමන් ගත් අතර, අනෙක් කණ්ඩායම ජීප් රථයට ගොඩවී ගමන් ගත්හ. එම ජීප් රථයේ මමත් සමග 10 දෙනකු ගමන් කළහ. වේගයෙන් ගමන ආරම්භ කල ජීප් රථය මීටර 100 කට වඩා දුර යාමට නොහැකිවූයේ බිම් බෝම්බයකට අසුවි වෙල් යායකට විසිවීමෙනි‍. ඉන් එක් රණවිරැවෙකුගේ ජීවිතය අහිමි විය. අප 09 දෙනෙකුගේ ජීවිත බේරැනේ කිසියම් හාස්කමක් නිසා දෝ නොදනිමි. ඒ සමග ත්‍රස්තයන්ගේ ප්‍රහාර අප වෙත එල්ල වන්නට විය‍. අප ප්‍රති ප්‍රහාර එල්ල කිරීම නිසා ත්‍රස්තයන් පලා යන්නට විය.


මඩකලපුව සිට වැලිකන්ද දක්වා ගමන් ගත් ත්‍රිවිධ හමුදා සහ පොලිස් ආරක්ෂක රථ පෙල මඩකලපුව නගරය පසු කරමින් වේගවෙන් ධාවනය වෙමින් තිබුණි. ඒ 1999.08.11 දින දහවල් 12.15 ට පමණය. එම රථ පෙලේ නිවාඩු ලබා පිටව යන පොලිස් නිලධාරීන් 29 දෙනෙකු රැගෙන යමින් තිබූ පෙලිස් බස් රථය භාරව ගමන් කලේ මමය. සෙල්වනායගම් ඉන්ධන පිරවුම්හල අසලදී මෙසේ ගමන් ගත් රථ පෙලට ත්‍රස්තවාදීන් වෙඩි තබන්නට පටන් ගත්තේය. ක්ෂණිකව බස් රථවලින් බිමට බැස අප ත්‍රස්ත සතුරා වෙත ප්‍රති ප්‍රහාර එල්ල කලේය. බිහිසුනු වෙඩි හුවමාරැව විනාඩි 30 ක පමණ කාලයක් පැවතිනි. සතුරා වෙත ප්‍රහාර එල්ල කරමින් සිටියදී ත්‍රස්තයන් පැති බෝම්බයක් පුපුරැවා හැරියේ මුලු ප්‍රදේශයම දෙදරැම් හඩ කවමිනි. බෝම්බ පිපිරීම් ශබ්දයෙන් මාගේ කන් ඇසීම නැතිව ගිය අතර, මා ඇද වැටිනි. තුවැලවලින් ගලා ආ රැධිරයෙන් මාගේ නිල ඇදුම තෙත් වි ඇති බැව් දැනුනි. මා හට නෙත් විවර කිරීමට අපහසු වූ අතර, මාගේ ශරීරයම අප්‍රාණික විය. මා පාවෙනවා මෙන් දැනනි. සිහිසුන් මා ගුවන් මගින් අනුරාධපුර මහා රෝහලට රැගෙන විත් තිබූ අතර, සිහි එළඹෙන විට මා සිටි‍‍යේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින්ය.


ත්‍රස්ත ප්‍රහාරයෙන් රණවිරැවන් 09 දෙනෙකුගේ ජීවිත අහිමි වූ අතර, 20 දෙනෙකු තුවාල ලැබූහ. ඉන් බරපතල ලෙස තුවාල ලැබූ මා‍ගේ දකුණු ඇසේ පෙනීම නිත්‍ය ‍ලෙස නැතිවී වම් අත අර්ධ අකර්මණ්‍යතාවයකට පත් වූ මම ආබාධිතයෙකු වූයෙමි.


කුරිරැ ත්‍රස්ත ප්‍රහාරයෙන් ජීවිතයේ බොහෝ දේවල් අහිමි වී ගියත් සොමිපා ශ්‍රියන්ති නම් මා බිරිද ආදරයෙන් රැකබලා ගනිමින් නැවතත් ජීවිතය සතුටින් ගෙවීමට මට ශක්තිය ධෛර්යය දුන්නේය. ඇය මහජන බැංකුවේ සේවය කරන්නීය. රනුක දුල්ෂාන්, ජනිදු චතුෂාන් සහ රවිදු ලක්ෂාන් පුතණුවන් තිදෙනා සමග ගෙවන දිවියට සුන්දරත්වය සහ සතුට නිබදවම එක් කොට ඇත.

හැරල්ඩ් සොයිසා (දේශපුත්‍ර)
අංක 67/151/ඒ,
හික්ගහලන්ද,
කළ‍ගෙඩිහේන‍,
ශ්‍රී ලංකා

දු.ක. 033-2291907 / 071-8405242
Emali - haraldsoysa@yahoo.com
Skype - harald.6203
Web - http/haraldsoysa.blogspot.com